http://www.yahashua.com/modules/mod_image_show_gk4/cache/slideshow.banner_01gk-is-99.jpglink
http://www.yahashua.com/modules/mod_image_show_gk4/cache/slideshow.banner_02gk-is-99.jpglink
http://www.yahashua.com/modules/mod_image_show_gk4/cache/slideshow.banner_03gk-is-99.jpglink
http://www.yahashua.com/modules/mod_image_show_gk4/cache/slideshow.banner_04gk-is-99.jpglink
http://www.yahashua.com/modules/mod_image_show_gk4/cache/slideshow.banner_05gk-is-99.jpglink
«
»
Loading…

අපගේ මිදුම්කරු යෂුවා (යේසුස්) ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැම අපගේ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නෙමු.

මැවුම්කාර යඃවේ දෙවිඳුන්ගේ රාජ්‍යය මේ පොළොව මුළුල්ලේ ප්‍රකාශ කිරීම අපගේ වෙබ් අඩවියේ අරමුණයි. මැවුම්කාර දෙවිඳුන්, උන්වහන්සේගේ රාජ්‍යය හා රාජ්‍ය‍යේ ක්‍රියාකාරීත්වය, රාජ්‍ය‍යේ ක්‍රියාත්මක වන්නාවූ මූලධර්මයන් ගැන සොයන හා උන්වහන්සේ ගැන දැනගැනීමට කැමති ඔබ සැමට මෙම වෙබ් අඩවිය ආශිර්වාදයක් වනු දැක්ම අපේ බලාපොරොත්තුවයි.

මෙහි අන්තර්ගතවන්නාවූ දේශනා ඇසීමට හා ලිපි කියවීමට පෙර ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම ඉල්ලා යාච්ඤා කරන්නට අප ඔබව දිරි ගන්වන්නෙමු. මන්ද මෙහි අඩංගු ඇතැම් දේශනා තුල ගැඹුරු ආත්මික කාරණා සාකච්ඡාවන අතර ඒවා  ඇතැම් විටෙක ඔබ මෙතෙක් ඉගෙනගෙන හෝ අසා ඇති සම්ප්‍රදායික හා ආගමික ඉගැන්වීම් වලට අභියෝගයක් එල්ල වනු ඇත. එමනිසා මෙම වෙබ් අඩවිය භාවිතයේදී හැමවිටම ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම ලබාගැනීමට අපි ඔබව නැවත නැවතත් දිරිමත් කරන්නෙමු. මන්ද ශු.යොහාන් 16:13  හි සඳහන් පරිදි සැබෑකමේ ආත්මයාණන් වහන්සේ ආ කල මුළු සත්‍යය කරා මගපෙන්වන සේක. ශු.යොහාන් 8:32 මෙසියස් වහන්සේ  පැවසූ පරිදි ඔබ සැබෑව දැනගත් කල්හි සැබෑව ඔබව නිදහස් කරනු ඇත.

මෙම වෙබ් අඩවිය භාවිතයේදී ඔබට නැගෙන ගැටළු හා ප්‍රශ්න ඇතොත් අප සමඟ සංවාදයකට පැමිණෙන ලෙස අපි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් ආරාධනා කරන්නෙමු. මන්ද අප එකිනෙකාගේ එළිදරව්වීමේ මට්ටම් විවිධාකාර විය හැක. එමනිසා කිසිවෙකු විනිශ්චය කිරීමට අපට අයිති නැත. ප්‍රේමයේ සංවාදයක් මඟින් එකිනෙකා ගොඩනැංවීම හා වර්ධනය සිදුවන බව අපගේ දැඩි විශ්වාසයයි.

ඔබ මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමේදී “යඃවේ දෙවියන්වහන්සේගේ රාජ්‍යය එළිදරව් වී රාජ්‍යයේ උරුමය භුක්ති විඳීමට අනුග්‍රහය ලැබේවා!“යන්න අපගේ යාච්ඤාවයි.

සතියේ බයිබල් පාඨය

මා විසින් නුඹලාට කී සියලු කාරණ ගැන සිතට ගනිල්ලා.අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරල්ලා,ඒක නුඹලාගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.

නික්මයාම 23:13

මාසික ලිපිය

ඇදහිල්ලේ ප්‍රකාශනයේ බලය

"ඇදහිල්ලේ ප්‍රකාශනය" අද කිතුනු ලෝකයේ බොහෝ ලෙස භාවිතා වන වචනයක් හා සභාව තුළ පවතින ක්‍රියාකාරීත්වයක්ද වේ. "විශ්වාස කර ප්‍රකාශ කිරීම" යන ක්‍රියාකාරීත්වය තුළ බොහෝ කිතුනුවන් අශිර්වාද උරුම කරගෙන ඇති බවද නොරහසකි."ඇදහිල්ලේ ප්‍රකාශනය" සළකා බැලීමේදී ගැළවීමේ ක්...

තව කියවන්න

සතියේ වැඩසටහන්

ප්‍රවෘත්ති හා විවිධ අංග

මාසික බයිබල් අධ්‍යයනය

දේවගැති මැක්ස්වෙල් විසින් පවත්වන බයිබල් අධ්‍යයනය 2014.07.27 ඉරු දින උදෑසන 9.30 ට දේවස්ථානයේදී පැවැත්වේ.

තව කියවන්න

Flag Counter


අපත් සමග එකතුවන්න Facebook-icon Google-plus-icon YouTube-icon